රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :
හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.
මිග් (MiG) ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව එහි කැඳවා තිබුණි.
මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනෙමින් පවතින බව වාර්තා වේ.



