එපා කිවූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආයෙ දෙන්න ජපානයෙන් කොන්දේසි

Date:

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඒකපාර්ශ්විකව අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ලබාදෙන ලෙස පසුගියදා ජපානයේ නිළ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජයෙන් ඉල්ලා තිබිණි.

2020 වසරේදී මෙම ව්‍යාපෘතිය ජපානයේ කිසිදු එකඟතාවයකින් තොරව අවලංගු කළේ එවකට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ නියෝගයක් මතයි. මෙම ව්‍යාපෘතිය ඉතා මිල අධික බවත් එය කොළඹ නාගරික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සුදුසු ලාභදායි ව්‍යාපෘතියක් නොවන බවත් පවසමින් මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබිණි.

මෙම ව්‍යාපෘතියට විකල්ප ලෙස නාගරික සංවර්ධන අමාත්‍යංශය, නිවාස අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය එක්ව වෙනත් ව්‍යාපෘතියක් සකස් කරන බව ප්‍රකාශ කළ නමුත් එවැනි විකල්ප ව්‍යාපෘතියක් යෝජනා නොවීය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය ආධාර සැපයීමට එකඟව සිටි අතර ඒ ඉතා අඩු පොලී අනුපාත යටතේයි.

ජනාධිපතිවරයා ජපන් රජය සමග සිදුකළ සාකච්ඡාවලදී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට නම් කොන්දේසිවලට යටත්වීමට සිදුවන බව ජපාන බළධාරීන් පවසා තිබෙනවා. ව්‍යාපෘතිය යළි ආරම්භ කරන්නේ නම් එය සිදුකළ හැක්කේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන අවසන්වීමෙන් පසුව පමණක් බව ජපාන බළධාරීන් පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනා දෙකකට වරදකරු වූ අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්...

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...