ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

හදිසි සැත්කමක් සඳහා ඇය මෙසේ අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටව ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඇයත් සමග රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඈන් ද ලිවේරාත් සිංගප්පූරුව බලා ගොස් ඇති බව සඳහන්.

ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ සිරිලිය සවිය සංවිධානයේ විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ද සිදුකෙරෙමින් පවතී. ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද සූදානමින් සිටින බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...