ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

හදිසි සැත්කමක් සඳහා ඇය මෙසේ අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටව ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඇයත් සමග රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඈන් ද ලිවේරාත් සිංගප්පූරුව බලා ගොස් ඇති බව සඳහන්.

ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ සිරිලිය සවිය සංවිධානයේ විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ද සිදුකෙරෙමින් පවතී. ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද සූදානමින් සිටින බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...