සටහන : පුලී
සැප්තැම්බර් 16, LNW (කොළඹ); නවකතාවක් කියවලා පොත වහලා තියන්න පුළුවන්. ඒත් සමහර කතා එහෙම අවසන් වෙන්නේ නෑ. ඒවා අපේ මතකයේ කොහේ හරි තැනක නතර වෙනවා. සුළඟේ ලෙලෙන ඉටිපහන් සිලක් සේ.. රත්නපාල ගමගේ මහත්තයාගේ “ඉටිපහන් සිල” කියන්නෙත් එවැනිම කතාවක්.
මේක පවුලක කතාවක් විතරක් නෙවෙයි. ආදරය, අහිමිවීම, මතකය, මරණය, මිනිස් සබඳතා සහ අපට තේරුම් ගන්න බැරි අභිරහස් එකට mix වෙන ජීවිත කතාවක්.
කතාවේ කථකයා අතීතය සොයා යන්නේ තම මවගෙන් අසන පිලිප් මොහොට්ටාල නම් පුද්ගලයාගේ කතාවක් හරහායි. ඒ ගමනේදී ඔහුට හමුවෙන්නේ සරල චරිත නෙවෙයි. ආදරය කරන, වැරදි කරන, අහිමි වෙන, මතකයන් එක්ක ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු.
ඒ අතරින් සරෝජනී කියන්නේ හදවතට ටිකක් වැඩියෙන් දැනෙන චරිතයක්. “කෑවද?” කියලා අහන තරම් සාමාන්‍ය සෙනෙහසක් පවා, කෙනෙක් නැති වුණාට පස්සේ කොච්චර වටිනා මතකයක් වෙනවද කියලා ඇය අපට මතක් කරනවා. සමහර මිනිස්සු අපේ ජීවිතයට ලොකු දේවල් අරගෙන එන්නේ නෑ. ඒත් ඔවුන්ගේ පුංචි සෙනෙහස අපේ ජීවිතයේ ලොකුම මතකයක් වෙන්න පුළුවන්.
සිරිමෙවන් හරහා කතාව තවත් mysterious වෙනවා. පැරණි නිවස, අසාමාන්‍ය සිදුවීම්, මරණ සහ අතීතයේ සිදුවීම් එකිනෙකට බැඳෙද්දී පාඨකයාටත් ප්‍රශ්නයක් එනවා – මේ ඇත්තටම භූත බලවේගයක්ද? මිනිස් මනසේ බියක්ද? නැත්නම් අපට තවමත් පැහැදිලි කරගන්න බැරි දෙයක්ද?
කතුවරයා ඒකට ready-made answer එකක් දෙන්නේ නෑ. ඒ වෙනුවට සැකය අපිටම භාර කරනවා. ඒ නිසා මේ කතාව කියවන එක mystery එකක් solve කරනවාට වඩා, “ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද?” කියලා අපි අපෙන්ම අහන ගමනක් වගේ.
නමුත් කතාවේ deepest layer එක තියෙන්නේ මරණය සහ අනිත්‍යතාව තුළයි.
මිනිස්සු නැති වෙනවා. ගෙවල් වෙනස් වෙනවා. දේපළ වෙනත් අයගේ අතට යනවා. සොහොන් කොත් පවා කාලයත් එක්ක මැකෙනවා. ඒත් මතකය විතරක් තව ටිකක් දිගට ජීවත් වෙනවා.
ගල්කිස්ස කනත්තේ මානා පඳුරු අතර සැඟවුණු සොහොනක් සහ එහි මැකී ගිය අකුරු අතරින් ඉතිරිව තිබෙන “අනිච්චාවත සංඛාරා” යන වචන මේ මුළු කතාවේම heart එක වගේ.
අපි හැමෝම මේ ලෝකයට එන්නේ temporary characters වගේ. අපි හදන ගෙවල්, එකතු කරන දේපළ, තනතුරු, නාමය – හැම දෙයක්ම කාලයත් එක්ක වෙනස් වෙනවා. අවසානයේ ඉතිරි වෙන්නේ අපි කෙනෙකුගේ හදවතක තැබූ මතකය විතරයි.
ඒ නිසා මේ කතාව කියවලා ඉවර වෙද්දී ඉතිරි වෙන්නේ “භූත කතාවක්ද?”, “පවුල් කතාවක්ද?”, “අභිරහස් කතාවක්ද?” කියන ප්‍රශ්නය විතරක් නෙවෙයි.
ඉතිරි වෙන්නේ තවත් personal ප්‍රශ්නයක්!
අපි මේ කෙටි ජීවිතයෙන් ගිහින් පස්සේ, අපි ගැන මිනිස්සු මතක තබාගන්නේ මොනවද?
අපේ සල්ලිද?
අපේ දේපළද?
අපේ status එකද?
නැත්නම් අපි කෙනෙකුට දුන්න පුංචි සෙනෙහසක්ද?
සමහර විට මේ පොතේ අවසානය කියවලා පොත වහන මොහොතේ, අපිටත් ඒ ඉටිපහන් සිල මතක් වෙයි.
සුළඟට ලෙලෙමින්, නිවෙන්නත් බැරිව, සදා දැල්වෙන්නත් බැරිව –
ජීවිතය වගේම.
ජීවිතය කෙටියි.
මතකය දිගුයි.
අවසානයේ ඉතිරි වෙන්නේ –
“අනිච්චාවත සංඛාරා…”
ප්‍රකාශනය:
- විජිත යාපා ප්‍රකාශන
- සරසවි ප්‍රකාශකයෝ
- ගොඩගේ ප්‍රකාශකයෝ
මිල: රු. 700/-
📍BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මිලදී ගැනීමට හැකිය.
රු. 700ක් දීලා අරගන්නේ පොතක් විතරක් නෙවෙයි…
පිටු අතර හැංගුණු සම්පූර්ණ ලෝකයක්.

