රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW :
හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනීසිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට දැනුම්දී තිබේ.
ඒ අනුව, අද (16) දින ඇය ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුව බලා පිටත්ව යෑමට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(6) වගන්තිය යටතේ නිකුත් කරන ලද අදාළ ලිඛිත නියෝගය ඇය වෙත භාරදී ඇත. ඇය නැවත සැප්.අ9 වන දින ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.
සිරිලිය සවිය ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අනුව, රෝහල් උපකරණ මිලදී ගැනීමට යැයි පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් ලබාගෙන එය අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කරුණු විමසීමට ඇයව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා ඇත. ඇය විදේශගත වීමට සැරසෙන අවස්ථාවේදී මෙම නියෝගය භාර දී ඇති අතර, මීට පෙරද අවස්ථා කිහිපයකදී ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙම සිදුවීමට අදාළව බැංකු නිලධාරීන්ගෙන්ද සාක්ෂි විමසා ඇති අතර, රාජ්‍ය මුදල් අවභාවිත වූ ආකාරය පිළිබඳව විමර්ශන නිලධාරීන් දැඩි අවධානයක් යොමු කර ඇත. මේ අනුව, මෙම මූල්‍ය ගනුදෙනුවල නීත්‍යානුකූලභාවය සහ පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාවලිය මෙමඟින් පැහැදිළි වේ.


