නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු. ඕස්ට්‍රේලියාවේත් නඩුවක් ??

ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියට අදාළව ව්‍යාපාරික නිමල් පෙරේරාට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නඩුවක් පැවරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හිතවත් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එයාර්බස් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂව පසුගියදා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබුවේත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව එම සිද්ධියට අදාළ විමර්ශනයේ සිව්වන සැකකරු වශයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නම්කරනු ලැබුවේත් නිමල් පෙරේරා විසින් ලබාදී ඇති ප්‍රකාශයක් මත ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට එයාර්බස් සමාගමෙන් ලැබුණු අල්ලස් මුදලින් කොටසක් වන ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක් තමන්ට හිමි සමාගමක බැංකු ගිණුමකට ලැබුණු බව නිමල් පෙරේරා විසින් සිය ප්‍රකාශයෙන් පිළිගෙන ඇති අතර ඒ මුදලට සමාන ලෙස රුපියල් මිලියන 100ක් තමන් නාමල් රාජපක්ෂට ලබාදුන් බව ඔහු තම ප්‍රකාශයෙන් පවසා ඇති බව සඳහන්.

ජාත්‍යන්තර මට්ටමෙන් සිදුවූ අල්ලස් ගනුදෙනුවකදී එයින් කොටසක් තම ගිණුමකට ලබාගෙන මුදල් විශුද්ධිකරණයක් කළ බවට නිමල් පෙරේරා දැනටමත් පිළිගෙන තිබෙන හෙයින් ඔහුට එරෙහිව මෙසේ ඔහු දැනට පදිංචිව සිටින ඕස්ට්‍රේලියාවේ අධිකරණයක් හමුවේ නඩු පැවරීමට නාමල් රාජපක්ෂට හිතවත් පිරිසක් විසින් කටයුතු කරමින් සිටින බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...