හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17:
පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ Mother and Child Health Centre හි තුන්වන මහලේ නවජාත ළදරු ඒකකයක ඇති වූ ගින්නක් හේතුවෙන් ළදරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී, එම ඒකකයේ මූලික ගිනි ආරක්ෂණ පහසුකම් පවා නොතිබූ බව අනාවරණය වී ඇති අතර විමර්ශන වාර්තාවට අනුව, ගින්න ඇති වූ අවස්ථාවේදී ළදරු ඒකකය තුළ ක්‍රියාකාරී ගිනි අනතුරු ඇඟවීමේ පද්ධතියක් හෝ ස්වයංක්‍රීය ජල ස්ප්‍රින්ක්ලර් පද්ධතියක් නොතිබී ඇත.

හදිසි අවස්ථාවකදී ළදරුවන් ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් පුහුණුවක් සහ පෙරහුරු සිදුකර නොතිබීමද විමර්ශනයේදී හෙළි වී ඇති අතර ඇතැම් හදිසි පිටවීමේ මාර්ග අවහිර වී හෝ අගුළු දමා තිබූ බවටද වාර්තාවේ සඳහන් වේ.

වායුසමීකරණ යන්ත්‍රයක විදුලි සැපයුම් කේබලයක ඇති වූ දෝෂයක් හේතුවෙන් ගින්න පැතිරී ඇති අතර ළදරු ඒකකය තුළ තිබූ ඇතැම් ප්ලාස්ටික් සහ අනෙකුත් දහනය විය හැකි ද්‍රව්‍යද බලපා ඇති බව වාර්තාව සඳහන් කරයි.

මෙම සිද්ධිය හුදෙක් එක් උපකරණයක දෝෂයක් හේතුවෙන් සිදුවූ අනතුරක් නොව, රෝහලේ ගිනි ආරක්ෂණ හා හදිසි ප්‍රතිචාර ක්‍රමවේදවල පැවති පද්ධතිමය අඩුපාඩු රැසක ප්‍රතිඵලයක් ලෙස විමර්ශන කමිටුව හඳුනාගෙන තිබේ. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද බලධාරීන් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...