ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21 :
පාකිස්තානයේ හිටපු අගමැති සහ Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂ නායක ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය වන ඇලීමා ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තාන පොලීසිය විසින් ඊයේ(21)දිනයේ දී ඇලීමා ඛාන් ලාහෝර්හි පිහිටි ඇගේ නිවසේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මේ වන විට ලාහෝර්හි Kot Lakhpat බන්ධනාගාරයට යොමු කර ඇති බව ඇත.

ලාහෝර් දිස්ත්‍රික් පරිපාලනය නිකුත් කළ නියෝගයකට අනුව, ඇලීමා ඛාන් දින 30ක් රඳවා තැබීමට නියෝගයකට යටත් කර ඇති අතර, ඒ සඳහා Punjab Maintenance of Public Order Ordinance යටතේ බලතල භාවිත කර තිබේ. පරිපාලනය පවසන්නේ ඇයගේ නිදහස්ව සිටීම මහජන ආරක්ෂාවට හා මහජන සාමයට තර්ජනයක් විය හැකි බවයි.

PTI පක්ෂය මෙම අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ඇය වහාම නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ. පක්ෂයේ ප්‍රකාශකයන් පවසන්නේ ඇයගේ අත්අඩංගුවට ගැනීම ඉදිරි විරෝධතාවට පෙර පක්ෂයට එල්ල කරන පීඩනයක් බවයි.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් 2023 වසරේ සිට විවිධ චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටින අතර ඔහුට එරෙහි ප්‍රධාන නඩු අතර රාජ්‍ය තෑගි සම්බන්ධ Toshakhana නඩු, පවුම් මිලියන 190කට ආසන්න මුදලක් සම්බන්ධ Al-Qadir Trust නඩුව, රාජ්‍ය රහස් ලේඛනයක් සම්බන්ධ Cipher නඩුව සහ ඔහුගේ විවාහය සම්බන්ධ Iddat නඩුව ඇතුළත් වේ.

Al-Qadir Trust නඩුවේදී 2025 ජනවාරි මාසයේදී ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම වූ අතර, Toshakhana සම්බන්ධ තවත් නඩුවකදීද ඔහුට දඬුවම් නියම වී තිබේ. මේ අතර Cipher සහ Iddat නඩුවලදී ඔහුට එරෙහි දඬුවම් පසුව අවලංගු කෙරිණි.

ඉම්රාන් ඛාන් සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුට එරෙහි නඩු සහ දඬුවම් සම්බන්ධයෙන් අභියාචනා ක්‍රියාමාර්ගද පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...