චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන, කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් කිහිපයක සහ ලැගුම්හලක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ”මහ නඩුවේ” තීන්දුව හෙට (22) ලබාදීමට නියමිතයි.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය දීර්ඝ ලෙස විභාග වූ අතර ඊට සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.

එම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් විදෙස් සංචාරකයින්, දරුවන් ඇතුළු 274ක් මරණයට පත්වූ අතර තවත් 577ක් තුවල ලැබීය. ඔවුන් අතර සදාකාලික අබාධිත තත්ත්වයට පත්වූවන්ද වෙයි.

ඒ අනුව සහරාන් හෂීම් ඇතුළු ප්‍රහාරකයින් 08 දෙනෙකුට ආධාර අනුබල දීමේ චෝදනා ඇතුළුව චෝදනා 23,000කට අධික සංඛ්‍යාවක් විත්තිකරුවන් වන මවුලවි ඇතුළු 25 දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් පවරා තිබෙන නඩුවේ තීන්දුවයි එලෙස හෙට දින ප්‍රකාශයට පත්වනුයේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම ඇතුළු චෝදනා 850කට අධික ගණනක් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොණු කර තිබුණු නඩු දෙකේ තීන්දුව මීට ඉහතදී ලබා දුන් අතර ඒ අනුව ඔවුන් දෙදෙනාට මරණ දඬුවම නියම විය.

කෙසේවෙතත් එම නඩු තීන්දු ද්විත්වයම බෙදුණු නඩු තීන්දු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...

උස්බෙකිස්ථානයේ Centrum Air ඔක්තෝබර් අග සිට මත්තලට ගුවන් ගමන් අරඹයි!

කොළඹ LNW:උස්බෙකිස්තානයේ Centrum Air ගුවන් සේවය 2026/27 උතුරු ශීත...