ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW :

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුව නීතිවිරෝධී ගිනිඅවි, T-56 පතොරොම් සහ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයකට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී දේශීයව නිෂ්පාදිත ‘ටී-කටස්’ වර්ගයේ ගිනිඅවි 5ක්, දේශීයව නිෂ්පාදිත ‘ගල්-කටස්’ වර්ගයේ ගිනිඅවි 2ක්, T-56 මැගසින් 4ක්, T-56 පතොරොම් 95ක්, විවිධ තුවක්කු වර්ගවලට අයත් ජීව පතොරොම් 436ක් සහ මාංචු යුගල 2ක් සොයාගත් බව පොලිසිය පැවසීය.

සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 5ක ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


සැප්තැම්බර් 12 වැනිදා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සමඟ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ආරම්භ කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම වැටලීම සිදුකර තිබේ.

අදාළ සැකකරුගෙන් දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී වැලිවේරිය, වේබඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් දෙවන සැකකරු අත්අඩංගුවට ගෙන මෙම හෙරොයින්, ගිනිඅවි සහ පතොරොම් තොගය සොයාගෙන තිබේ.

සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරි විමර්ශන සඳහා දින හතක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...