සටහන – රුවන් නෙළුගොල්ල
ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය නිකුතු පැහැර හැරීමේ වර්ගීකරණය (Long-Term Issuer Default Ratings – IDR) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා තිබේ.
එහි පෙරදැක්ම ස්ථාවර (Stable) මට්ටමේ පවත්වාගෙන යනු ලබන බවයි එම ආයතනය නිවේදනය කර ඇත්තේ.
රට තුළ ක්‍රියාත්මක වන සාර්ව ආර්ථික ස්ථාවරත්ව ප්‍රතිපත්ති, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ බාහිර මූල්‍ය අවදානම් ලිහිල් වීම මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ෆිච් රේටිංග්ස් එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.


