Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම පැනවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) නියම කළේය.

පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුවට ප්‍රකාරව දඬුවම් නියම කිරීම ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ අතර විත්තිකරුවන්ගේ සියලු දේපල ද රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කෙසේවෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...