ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24:
තෙදින නිල සංචාරයක් සඳහා වොෂින්ටනයට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Joint Base Andrews ගුවන් හමුදා කඳවුරේදී පෞද්ගලිකවම පිළිගෙන ඇති බව වාර්තා වේ.

මෙවැනි ගුවන් තොටුපොළ පිළිගැනීමක් ඇමරිකානු ජනාධිපතිවරයකු විසින් සිදුකිරීම දුර්ලභ රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස සැලකෙන අතර මෙවර රාජ්‍ය නායකයන් දෙදෙනා අතර පැවැත්වීමට නියමිත ඉහළ මට්ටමේ සාකච්ඡාවලදී වෙළෙඳාම, තීරුබදු, කෘත්‍රිම බුද්ධිය (AI), තාක්ෂණය සහ ඉරාන යුද්ධය ඇතුළු සංවේදී කරුණු ප්‍රධාන අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර විශේෂයෙන් ඉරානයට චීනය ලබාදෙන සහාය සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන රාජ්‍ය පුවත් ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කරන පරිදි ජනාධිපති ෂී ජින්පින් විසින් චීනය සහ ඇමරිකාව “ප්‍රතිවාදීන්ට වඩා හවුල්කරුවන්” විය යුතු බවත්, චීන සහ ඇමරිකානු ජනතාව අතර දිගුකාලීන මිත්‍ර සබඳතා පවතින අතර දෙරටේ අවශ්‍යතා ද ගැඹුරින් එකිනෙකට බැඳී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම මෙහිදී චීනයේ ජාතික පුනර්ජීවනය සඳහා වූ අරමුණ සහ ට්‍රම්ප්ගේ “America Great Again” අරමුණ එකිනෙකට පරස්පර නොවන බවද ෂී අවධාරණය කර .ඇති අතර දෙරට අතර සබඳතාව සහයෝගීතාව ප්‍රධාන කරගත්, සීමාවන් තුළ තරගකාරීත්වයක් පවතින සහ මතභේද කළමනාකරණය කළ හැකි ස්ථාවර සබඳතාවක් බවට පත් කරගත යුතු බවද ජනාධිපති ෂී පවසා ඇති බව කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...