22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ වේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) සහ හෙට (25) පැවැත්වීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත් දෙකෙහිම දෙවන වර කියවීමේ විවාදය සඳහා අද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා කාලය වෙන් කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේදී ද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වෙනු ඇත.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් දෙක සඳහා වන ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...