රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :
සිංගප්පූරු ගිය ශිරන්ති නීතිඥවරයෙකු මඟින් FCID පෙනී සිටීමට කල් ඉල්ලයි!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (24) දින සඳහා නිකුත් කර තිබූ කැඳවීමකට අනුව FCID විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටීමට ඇයට නොහැකි වූ බව ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු විසින්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) දැනුම් දී තිබේ.
ඇස් සැත්කමක් සිදු කරගැනීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටින බැවින් ශිරන්ති රාජපක්ෂ මහත්මියට මේ අවස්ථාවේදී විමර්ශනය සඳහා සහභාගී වීමට නොහැකි වී ඇති බව, එම කොට්ඨාසය වෙත යොමු කළ ලිපියට අනුව දක්වා ඇත.
මෙම විමර්ශනය, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය’ පදනමට සම්බන්ධ ගනුදෙනු පිළිබඳව සිදු කෙරෙන්නකි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 16 වන දින සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.


