චීන-ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ඇමරිකාවේ වේලාවෙන් ඊයේ(24) පෙරවරුවේ ධවල මන්දිරයේදී.

‘චීන-ඇමරිකා සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය’ යන නව අර්ථ දැක්වීම, දෙරට සම්බන්ධතාවයේ සැබෑ තත්ත්වයට මෙන්ම අනාගතය කෙරෙහි වැදගත් වන බව එහිදී චීන ජනාධිපතිවරයා පැවසුවා. එය දෙරට අන්‍යෝන්‍ය වශයෙන් විධිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ මාර්ගය වෙත ගමන් කිරීමේ වැදගත් පියවරක් බව ද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබෙනවා. දෙපාර්ශ්වය එම අපේක්ෂාව ක්‍රියාවට නංවමින් චීනය හා ඇමරිකාව අතර වඩාත් ස්ථාවර, විධිමත්, තිරසර අනාතයක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු යැයි ද ඔහු ප්‍රකාශ කළා.

ඇමරිකාව ‘තායිවාන බෙදුම්වාදීන්ට’ විරුද්ධ වීමේ සිය නිවැරදි ක්‍රියාකලාපයේ එල්බ සිටිමින් තායිවාන ප්‍රදේශයට අදාළ ගැටලු සුපරීක්ෂාකාරීව පාලනය කරනු ඇතැයි චීනයේ බලාපොරොත්තුවයි. එසේම චීන-ඇමරිකා උපායමාර්ගික සහයෝගීතා හා දෙරට සම්බන්ධතාවය වෙනුවෙන් ස්ථිර පදනමක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර ජනපති ට්‍රම්ප් පැවසුවේ 2016 දී ජනාධිපති ධුරයට තේරී පත් වූ පළමු සමයේ සිට, ජනාධිපති ෂී ජින්පිං මහතා සමග ශක්තිමත් මිත්‍රත්වයක් පවත්වා ගෙන ඇති බවයි. චීන ජනාධිපතිවරයා සහ ආර්‍යාවගේ පැමිණීම සාදරයෙන් පිළිළිගන්නා බව නැවත ප්‍රකාශ කළ ට්‍රම්ප් මහතා, චීනය හා ඇමරිකාව යන දෙරටට ම වඩාත් හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති ෂී සමග අත්වැල් බැඳගෙ කටයුතු කිරීමට සූදානම් බව ද පැවසුවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දුනීසියානු ධීවරයින් 25 දෙනෙකු බේරා ගනී

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවට දකුණින්...

ගොවීන් 1,490කට නියඟයෙන් වූ හානි සඳහා වන්දි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : නියඟය හේතුවෙන් සිදුවූ...