ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන!

කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මානය සිංගප්පූරු රතු කුරුස සංවිධානයේ අනුශාසක සහ සිංගප්පූරු ජනරජයේ ජනාධිපති අතිගරු තර්මන් ෂන්මුගරත්නම් මහතා විසින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාට පිරිනමනු ලැබීය.

මෙම කීර්තිමත් පිළිගැනීම ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සහ සිංගප්පූරු රතු කුරුස සංවිධානය අතර දිගුකාලීන හවුල්කාරිත්වය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මානුෂීය සහයෝගීතාවය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සේවය කිරීම සහ මානුෂීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පාලක මණ්ඩල සාමාජික ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සහ කුමාරි කොතලාවල මහත්මිය ද සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

”නොසැලුණු නොනැමුණු ලසන්ත” එළිදකියි! (PHOTOS)

කොළඹ LNW: රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ...