ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (27) සිට ඔක්තෝබර් 01 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ඒ, භාරතීය ජනතා පක්ෂයේ (BJP) විදේශ කටයුතු අංශයේ ආරාධනයක් අනුව ය.
මෙහිදී ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති ශ්‍රී නිතින් නබින්, ජාතික මහලේකම් බී. එල්. සන්තෝෂ් ඇතුළු පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවීමට නියමිත අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ දිල්ලි මහ ඇමති රේඛා ගුප්තා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි භාරතීය ජනතා පක්ෂය නිවේදන කර ඇත්තේ.
මෙම සංචාරය තුළින් භාරතීය ජනතා පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් සංවිධාන අත්දැකීම් හුවමාරු කරගැනීමටත් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන්.
ටිල්වින් සිල්වා මහතා සමග ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික චන්ද්‍රිකා අධිකාරි, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා, දිස්ත්‍රික් කමිටු සාමාජික කබිලන් සුන්දරමූර්ති සහ ජාත්‍යන්තර අංශයේ සාමාජිකා කල්පනා මධුභාෂිනී යන අය මෙම සංචාරයට සහභාගී වීමට නියමිතය.


