ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා වන නිල ව්‍යාපෘති ගිවිසුම වෙනුවෙන් Hayleys Engineering සමාගම ගිවිසුම්ගත වී තිබේ.

මෙම ව්‍යාපෘතිය විශේෂයෙන් නිර්මාණය කරන ලද වානේ රාමු ව්‍යුහයකින් (purpose-built steel structure) සමන්විත වේ. මේ සඳහා Hayleys Engineering සමාගම සිය ඉංජිනේරු සැලසුම්කරණය, fabrication, සිවිල් ඉදිකිරීම්, steel erection සහ සමස්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ ශක්‍යතාව යොදවනු ලබයි.

මෙම ගිවිසුම්ගත වීම හේලීස් සුපිරි වෙළඳසැල් ජාලය (Hayleys supermarket network) ගොඩනැගීමේ ප්‍රථම භෞතික පියවර වන අතර, ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

හේලීස් සමූහය විසින් දිවයින පුරා සුපිරි වෙළඳසැල් 100ක් ආරම්භ කරමින් සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයට පිවිසෙන බව පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ දී නිවේදනය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...