77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ආගමික ආශිර්වාද මාලාවේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස යුද්ධ හමුදා, රෙජිමේන්තු සහ ඒකක ධජයන්ට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමේ විශේෂ ආගමික වැඩසටහන අද (28) දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විණි.

සේවයේ නියුතු සියලුම සාමාජිකයන්ගේ මෙන්ම මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු සමස්ත රණවිරු ප්‍රජාවගේ සුරක්ෂිතභාවය, යහපැවැත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.

සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සංස්කෘතික පෙරහැරකින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට රැගෙන එනු ලැබූ යුද්ධ හමුදා ධජය, සියලුම රෙජිමේන්තු ධජ සහ ඒකක ධජ පසුව ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය සඳහා ගෞරවාන්විතව තැන්පත් කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදාව වෙත ආශිර්වාද පළ කළ අතර, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සෙත් පැතීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ඇතුළු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාසය ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...

22 ඉවරයි දැන් මාතෘකාව IMF යනවද නැද්ද?

උපාලි කොළඹගේකොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසදෙවැනි සංශෝධනය සම්මත වී දැන්...