චිරං ජයතු කරූ !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ 86 වැනි උපන් දිනය අදට (29) යෙදී තිබේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ අතිවිශිෂ්ඨ දේශපාලනඥයින් අතළොස්ස අතරින් කරූ ජයසූරිය මහතා ද එක් අයෙකු බව අවිවාදිත බව අපේ හැඟීමයි. මෙරට පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම ජාතික සම්මානය වන “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානය ඒ මහතාට පිදුනේ පසුගිය 2023 වසරේදී ය. එහෙත් ඊටත් වඩා ඉහළ සම්මානයක් ඒ මහතාට මෙරට ජනතාවගේ හදවත් තුළ හිමිව ඇති බව නොරහසකි.

දේශපාලනය යනු තමන්ගේ බඩවඩා ගැනීම සඳහාත් තම පවුල්වල සුඛවිහරණය සඳහාත් යෙදෙන කූඨ ව්‍යාපාරයකැයි හංවඩු වැදී තිබුණු යුගයක එය එසේ නොවන බව තම ජීවන චරිතය තුළින් ඔප්පු කළ අය ඇත්තේ ඉතාම සුළුතරයකි. කරූ ජයසූරිය මහතා ඒ අතර ඉදිරියෙන්ම සිටින්නෙකි.

ප්‍රභූ – නිර්ප්‍රභූ විවාදය තුළ දේශපාලනයට පැමිණිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව තෝරාගැනීමට නොහැකිව සමාජය පඹගාලක පැටළී සිටින මොහොතක සැබෑ දේශපාලනඥයකු සතු වියයුතු අත්දැකීම් පරාසය, ධාරිතාවය පිළිබඳ දියහැකි ඉහළම ජීවමාන උදාහරණයකි කරූ. හමුදා නිලධාරියකු, පෞද්ගලික අංශයේ ඉහළම සමාගම් 52ක අධ්‍යක්ෂ/ කළමණාකරණ අධ්‍යක්ෂ/ සභාපති තනතුරු දැරූවෙකු, රාජ්‍ය අංශයේ ද විවිධ තනතුරු දැරූවෙකු, තානාපතිවරයකු වශයෙන් දේශපාලනයට පිවිසීමට පෙර ඒ මහතා ලද අත්දැකීම් සමුදාය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයකු, කොළඹ නගරාධිපතිවරයකු, බස්නාහිර පළාත් විපක්ෂ නායක යන තනතුරු හරහා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රධාන පෙළේ අමාත්‍ය තනතුරු කිහිපයක්ම දරමින් සිට කථානායක ධුරය දක්වා පැමිණ එහි ද ස්වාධීනව කටයුතු කරමින් ඒ මහතා පැමිණි ගමන මෙරට දේශපාලනයට පිවිසෙන කවුරුන් වුවත් අනිවාර්යයෙන්ම අධ්‍යනය කළ යුතු, බොහෝ දෑ උගත හැකි අත්පොතක් බඳු ය.

එසේම බල දේශපාලනය තුළ විවිධ අභි‍යෝගවලට මුහුණ දෙන ආකාරය මෙන්ම නිසි මොහොතේදී බලය අත්හැරීම පිළිබඳව ද කරූ ජයසූරිය මහතා මනා ආදර්ශයක් සපයා ඇත. එමෙන්ම දේශපාලන පොරපිටියෙන් ඉවත් වුවත් අවශ්‍යතාව ඇති අයකුට මහජනතාව වෙනුවෙන් සේවයේ නියැළීමට එය කිසිදු බාධාවක් හෝ අඩුපාඩුවක් නොවන බව අදටත් ඒ මහතා “ඉන්දිරා පිළිකා භාරය” හරහා තමන් ඉටුකරන සේවාව තුළින් මනාව ඔප්පු කරමින් සිටී.

කරූ ජයසූරිය යනු LNW අපට තවත් එක් දේශපාලනඥයකු ද නොවේ. ඒ මහතා නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරමින් මග පෙන්වන, අපට සමීප වැඩිහිටියෙකි. අපේ දිගු කාලීන හිතවතෙකි.

අපි කරූ ජයසූරිය මහතාට සුබ උපන් දිනයක් වේවායි මෙසේ ප්‍රාර්ථනා කරන්නෙමු !

~ Team LNW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...

කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය...

රු. මි. 36.6ක ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : නීති විරෝධී ලෙස...

අනෝජන් සිවරාජාට සමාව දෙන ලෙස බානගල නා හිමියන්ගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:සෞදි අරාබි ගරු අධිකරණයෙන් මරණය දණ්ඩනය නියම කර...