රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :
“ආහාර හානිය සහ නාස්තිය අවම කිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරකම්” යන තේමාව යටතේ ආහාර හානිය සහ නාස්තිය පිළිබඳ ජාත්‍යන්තර අවබෝධතා දිනය අද(29) දින සමරනු ලබයි.
එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවලට අනුව, ලෝක ජනගහනයෙන් 9.2%ක් නියෝජනය කරමින් ජනතාව මිලියන 735ක් දැඩි ආහාර හිඟයකින් පෙළෙති.
දේශීය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අනුරාධපුර පසු අස්වනු කළමනාකරණ ආයතනයේ ආචාර්ය ඩබ්ලිව්. සී. බී. වීරසිංහ මහතා අනාවරණය කළේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ආහාරවලින් 30%කට ආසන්න ප්‍රමාණයක් නාස්ති වන බවයි.
නාගරික ප්‍රදේශවල පමණක් දිනපතා පරිභෝජනයට සුදුසු ආහාර මෙට්‍රික් ටොන් 4,000ක් පමණ අපතේ අරින බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහාය ඇතිව දිවයින පුරා ආහාර හානිය සහ නාස්තිය සැලකිය යුතු ලෙස අවම කිරීම සඳහා වන පස් අවුරුදු සැලැස්මක් ආරම්භ කර ඇත.


