2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය මාලා රාමුව අනුව 2026 වර්ෂයේදී ආරම්භ කළ 1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, 2 සහ 6 ශ්‍රේණි සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වර්ෂයේදී ආරම්භ කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2019 වර්ෂයේදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කිරීම ආරම්භ කළ නව ජාතික විෂය මාලා රාමුව සහ එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා 2023 මාර්තු 01 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබිණි.

නව රජයේ ප්‍රතිපත්ති සමඟ ගැළපෙන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කරමින්, 2026 වර්ෂයේදී 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ අතර, 10 ශ්‍රේණියේ සිට වෘත්තීය විෂයයන් හඳුන්වාදීමට ද තීරණය කර තිබිණි.

කෙසේ වෙතත්, 2026 ජනවාරි 13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව 6 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් තබා 2026 වර්ෂයේදී 1 ශ්‍රේණිය සඳහා වන නව විෂය මාලා ප්‍රතිසංස්කරණ පමණක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අදාළ සංකල්ප පත්‍රිකාව සමාලෝචනය කර ප්‍රතිපත්තිමය නිර්දේශ සහිතව නැවත සකස් කර ඇති අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව සහ ඊට අදාළ ප්‍රධාන අනුකමිටු මඟින් ද එය තවදුරටත් සමාලෝචනය කර ඇත.

එම නිරීක්ෂණ හා නිර්දේශ මත පදනම්ව ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික විෂය මාලා රාමුව තවදුරටත් සංශෝධනය කර එහි ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සහ ආයතන සභාවේ අනුමැතිය ලබාගෙන තිබේ. අනතුරුව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ එකඟතාව ද 2026 අගෝස්තු 13 දින ලබාගෙන තිබේ.

2027 වර්ෂය සඳහා 1 සහ 2 ශ්‍රේණිවල වාර තුනට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කර සූදානම් කර ඇති අතර, 6 ශ්‍රේණිය සඳහා වාර තුනට අදාළ මොඩියුල සහ ගුරු මාර්ගෝපදේශ ද සකස් කර තිබේ. එමෙන්ම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ සියලුම විෂයයන් සඳහා ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කර ඇති අතර පළාත් මට්ටමින් ගුරු පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය සැලසුම් ද සකස් කර ඇත.

පාසල් පද්ධතිය තුළ පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි පාසල් පාදක ඇගයීම් හා තක්සේරුකරණය පිළිබඳ ප්‍රතිපත්ති මාර්ගෝපදේශය ද සකස් කර ජාතික මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ලබාගෙන ඇත.

ඒ අනුව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද සංකල්ප පත්‍රිකාව, ජාතික මෙහෙයුම් කමිටුව විසින් අනුමත කරන ලද ජාතික විෂය මාලා රාමුව සහ පාසල් පාදක ඇගයීම් හා තක්සේරුකරණ මාර්ගෝපදේශය පදනම් කර ගනිමින්, 2026 වර්ෂයේදී ආරම්භ කරන ලද 1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, 2 සහ 6 ශ්‍රේණි සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

ලලිත්-කුගන් නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම නොවැම්බර් 27 දිනට නියම කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...

උදය ගම්මන්පිල නිදොස්කොට නිදහස් – මහාධිකරණය තීන්දු කරයි !

ඕස්‍ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල්...