ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා අමෙ බව පැවසුවේ අද (29) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව ඉහළ යන ඉන්ධන මිල ගණන් හමුවේ තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

“ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග තමයි මෙම තීන්දුව ගත්තේ. තවත් බිලියන 41ක් මේ වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා භාණ්ඩාගාරයෙන්. මේ මොහොතෙදි ලබා දිය හැකි සහනය තමයි භාණ්ඩාගාරයෙන් ලබා දීලා තියෙන්නේ. මාසේ අන්තිමට එක් එක් ඉන්ධන මිල සඳහා ගණනය කළාම එයින් රජය මගින් දරාගන්න කොටස ලබා දෙනවා. ඊට අමතරව තව කොහොමද කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒ අනුව තමයි තීන්දු කරන්නේ. නමුත් මේ සහනය මාස තුන සඳහා ලබා දෙනවා. භාණ්ඩාගාරය වෙන් කරලා තියන විදිහට පෙට්‍රල්වලට ලබා දෙන්නේ නෑ ඩීසල්වලට විතරයි ලබා දෙන්නේ.

රටේ ජනතාව මත එලෙස බර පටවන්නේ නැතිව උපරිම රජය වැඩි කොටසක් දරාගෙන ඒක කළමනාකරණය කරගන්න උත්සාහ ගන්නේ. තෙල් මිල වැඩිවුණාම ඒ මත පදනම් වෙලා භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. සමහරවිට තෙල් මිලේ අඩුවීමක් අපි මාසේ අන්තිමට හරි මාසය මැද කළත් අර ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල එලෙසම අඩු වෙන්නේ නැති තත්ත්වයකුත් තියෙනවා. මේ සියල්ල ගැන හිතලා භාණ්ඩාගාරයේ තිබෙන කොටසක් තමයි වෙන් කරන්නේ. තෙල් ආනයනයේ ප්‍රශ්නයක් නෑ. තෙල් සංස්ථාවත් විවිධ සමාගමුත් තෙල් ගෙනත් තියෙනවා තෙල් පෝලීම් ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ.

තෙල් මිල වැඩිවෙන නිසානේ සහනය ලබා දෙන්නේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණේ නැත්නම් සහනයක් දෙන්න අවශ්‍යතාවක් නෑ. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩිවීමත් එක්ක පහුගිය කාලේදි ඒ අනුව ගණනය කළාම තෙල් මිල වැඩි කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබා දෙන සහනයක් තමයි මේ ලබා දීලා තියෙන්නේ. එතැනින් එහාට කොහොමද මේක කරන්නේ කියලා තෙල් සංස්ථාව ගණනය කරලා ඒක කියයි. මේ මාස 6 සඳහා තෙල්වලට විතරක් බිලියන 100කට වැඩි මුදලක් භාණ්ඩාගාරය ලබා දීලා තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වභාවධර්මයේ සහ සංස්කෘතියේ අපූරු සුසංයෝගය: Arashiyama in Kyoto

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: ජපානයේ සංචාරය කරන ඕනෑම...

වසර ගණනාවක ප්‍රමාදයන්ගෙන් අනතුරුව, ශ්‍රී ලංකාව අවසානයේ සයිබර් ආරක්ෂණ නීතිය අභියස!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: වසර ගණනාවක් පුරා අසාර්ථක...

ගැඹුරු මුහුදේදී හදිසියේ බරපතල ලෙස රෝගාතුරවු ධීවරයෙකු බේරාගැනේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: ඉන්දියන් සාගරයේ දකුණු දෙසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටෙයි – ඉල්ලුමට වඩා සැපයුමේ ඉහළ යාමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස්...