කටුනායක ගුවන් තොටුපොලේ ස්මාර්ට් ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් මිල දී ගෙන සවි කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තව ද, 2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත ඊ‑පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් සීමා වී තිබූ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු පහසුකම මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටවන විදේශිකයින් සඳහා ද භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලැබේ. එමෙන්ම, ව්‍යාපාරික හා සංචාරක ක්ෂේත්‍රයේ සීඝ්‍ර ප්‍රගමනය සමඟ අඛණ්ඩව ඉහළ යන ගුවන් මගීන් සංඛ්‍යාව ද සැලකිල්ලට ගෙන මුළු ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු ප්‍රමාණය 12ක් දක්වා වැඩි කිරීමේ යෝග්‍යතාව ද හඳුනා‌ගෙන තිබේ.

ඒ අනුව, දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ට අමතරව තවත් ගේට්ටු 08ක් සහිතව සම්පූර්ණ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 12ක් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මිල දී ගැනීමේ හා ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී...

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...