චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් පිටියේ දී දෙනෙත්,ස්විනීතා සහ ලක්මාල් කිරුළු පළදිති

Date:

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සහ “HUAWEI Technologies” පුද්ගලික සමාගමේ ප්‍රධාන අනුග්‍රහක දායක ශක්තිය ඇතිව සංවිධානය කරනු ලැබු 2022 ඊගල්ස් මෝන්සූන් කුසලාන ගොල්ෆ් තරඟාවලිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් ක්‍රීඩාපිටියේදි 2022 ඔක්තෝම්බර් මස 01 වන දින පැවත්විණි.එහිදී ඊගල්ස් මෝන්සූන් තරගාවළියේ පිරිමි ශූරතාවය හිමි වූයේ දෙනෙත් කුලතුංගට ය. කාන්තා ශූරතාවය ස්වෙනිතා සෙල්වරත්නම් විසින් දිනා ගත්තාය.ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධනට හිමි විය.



ඔල්ගා අෂේලි හේරත් මහතා පිරිමි අංශයේ අනුශූරතාව දිනාගත් අතර කාන්තා අනුශූරතාව රෝෂිනී ඉන්දිරා සංගානි මහත්මියට හිමිවිය. ඊගල්ස් මෝසම් ආරක්ෂක අභියෝග කුසලානයේ අනුශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් පී.එම්.මුමුල්ලගේට හිමිවිය.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා ඇතුළු ක්‍රිඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි වු අතර මෙයට සමගාමිව සංවිධානය කර තිබු ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය සදහා ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රිඩකයන් පිරිසක්ද සහභාගි විය.
ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමිමේ උත්සවය 2022 ඔක්තෝම්බර් මස 01 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...