ළමා ආරක්ෂාව සඳහා නව ආරක්ෂක පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW :

රට තුළ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව පවතින විවිධ තොරතුරු ඉහළ යමින් පවතින පසුබිමක, ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් නව නීතිමය අවශ්‍යතාවක් හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටී.

රාජ්‍ය සේවයට සහ දරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වන තනතුරු සඳහා පුද්ගලයින් බඳවා ගැනීමේදී, ඔවුන් ළමුන් සම්බන්ධ අපරාධවලට චෝදනා ලබා නොමැති බව තහවුරු කරන සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව දැනටමත් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ සහතිකය පොලිසියෙන් ලබාගත හැකිය.

එමෙන්ම, රාජ්‍ය සේවයේ නියුතු සේවකයින්ට තම සේවය ස්ථිර කිරීමේදී සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී, අදාළ කාලසීමාව තුළ ළමුන් සම්බන්ධ අපරාධවලට සම්බන්ධ වී නොමැති බව තහවුරු කරන සහතිකය අලුත් කර ඉදිරිපත් කිරීමට ද සිදුවනු ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මෙම නව නීතිමය රාමුව මගින් දරුවන්ට එරෙහි අපරාධ සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමටත්, ළමා ආරක්ෂණ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමටත්, රාජ්‍ය සේවය තුළ විනිවිදභාවය ඉහළ නැංවීමටත් දායක වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...