රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW :
‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සඳහා මඟ හැරුණු ලේඛන ඉදිරිපත් කිරීමට ඔක්තෝබර් 29 දක්වා කාලය ලබා දී ඇත. ජාතික හැඳුනුම්පත් හෝ බැංකු ගිණුම් තොරතුරු නොමැති වීම හේතුවෙන් 2023 වසරේ සිට ‘අස්වැසුම’ ප්‍රතිලාභ නොලැබූ අයට, අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් 29 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
2023 වසරේ සිට ‘අස්වැසුම’ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් අය හඳුනාගැනීම වෙනුවෙන් සිදු කෙරෙන සංගණන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා පැවසීය.
ඒ අනුව, නව ‘අස්වැසුම’ ප්‍රතිලාභී ලැයිස්තුව ළඟදීම ප්‍රාදේශීය මට්ටමින් ප්‍රදර්ශනය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
පෙර ලැයිස්තුවේ සිටියද ලේඛන මඟ හැරීම හේතුවෙන් ප්‍රතිලාභ නොලැබූ අයට, නව ලැයිස්තුව ක්‍රියාත්මක වීමට පෙර සිය ගෙවීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අරමුණයි.


