සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපතිවරණය දෙවැනි වටයකට ගමන් කර තිබේ.
දකුණාංශික අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝ පළමු වටයේදී ඉදිරියෙන් සිටින අතර, වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
වාර්තා වූ ඡන්දවලින් 99%කට ආසන්න ප්‍රමාණයක් ගණන් කර අවසන් වන විට ෆ්ලේවියෝ බොල්සොනාරෝට ඡන්ද මිලියන 56කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, ලූලාට ඡන්ද මිලියන 53.7කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබේ.
ඒ අනුව දෙවැනි වටයේ ඡන්ද විමසීම ඔක්තෝබර් 25 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදී බ්‍රසීලයේ මීළඟ ජනාධිපතිවරයා තීරණය වනු ඇත.
45 හැවිරිදි ෆ්ලේවියෝ බොල්සොනාරෝ යනු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, වත්මන් ජනාධිපති 80 හැවිරිදි ලූලා ද සිල්වා තවත් ජනාධිපති ධුර කාලයක් සඳහා තරග කරයි. දෙවැනි වටය සඳහා ඉදිරි සති කිහිපය තුළ අපේක්ෂකයන් දෙදෙනාටම පළමු වටයේදී ඔවුන්ට සහාය නොදුන් ඡන්දදායකයන්ගේ සහාය ලබාගැනීම සඳහා දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වීමට සිදුවනු ඇත.
බ්‍රසීලය ලතින් ඇමරිකාවේ විශාලතම ආර්ථිකය වන බැවින්, මෙම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය එරට අභ්‍යන්තර දේශපාලනයට මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලටද වැදගත් බලපෑමක් ඇති කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

