ගුරු සේවාවට ව්‍යවස්ථා සංශෝධනයක්?

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීම සඳහා නව ගුරු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය කටයුතු කරමින් දිටින අතර ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින් සමග සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 02 වනදා ඉසුරුපායදී පවත්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එම ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ වහාම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, ගුරු පුහුණුව, විද්‍යාපීඨ සංවර්ධනය සහ ගුරු හා විදුහල්පති ඇතුළු සේවාවන් හයක වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...