ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගරසභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (05) රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසල දී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇති බව සඳහන්.
මොහු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් වාර්තා විය.
මහින්ද කහඳගමගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු ද අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


