ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :

• ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ සංවර්ධන කටයුතු මේ වසරේ ආරම්භ කිරීමට තීරණයක්.

ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සෞඛ්‍ය සේවා සපයන ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණය කර වැඩිදියුණු කිරීම සඳහා පියවර ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව, මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන සඳහා ‘Clean Sri Lanka’ වැඩසටහනේ මැදිහත්වීම මත ‘Akbar Brothers’ ආයතනයේ අනුග්‍රාහකත්වය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

ප්‍රදේශයේ ජනතාව 12,000කට ආසන්න පිරිසකට සෞඛ්‍ය සේවා සපයන ඩවුන්සයිඩ් වතු රෝහල මේ වන විට අබලන් හා දිරාපත් තත්ත්වයක පවතින අතර, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රෝහලේ ගොඩනැගිලි, පහසුකම් සහ පරිසරය නවීකරණය කර ජනතාවට වඩාත් ගුණාත්මක හා ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

මෙම සංවර්ධන කටයුතු මේ වසර තුළදීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු කඩිනමින් සිදු කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.


ජනතාවගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව තුළින් පවතින සම්පත් වඩාත් ඵලදායී ලෙස ජනතා සුබසාධනය සඳහා යොදා ගැනීම ‘Clean Sri Lanka’ වැඩසටහනේ පුළුල් අරමුණු සමඟද සම්බන්ධ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...

ක්‍රිෂ් නඩුව : නාමල්ට සහ ජානකීට ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?