රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW :
මෙරට දිගුකාලීන විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම අනුව කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා දෙවන කිලෝවෝල්ට් 220ක භූගත කේබල් ව්‍යාපෘතිය ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස 2021-09-13 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරා ගන්නා ලද කොන්ත්‍රාත්කරු වන M/s Consortium of Jiangsu ETERN Co. Ltd. (China) and LS Cable & System Limited (LS Cable-Korea) වෙත එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව එවකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිරිනමනු ලැබ තිබේ.
මේ වන විට එම ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත පැවරී ඇත.
ව්‍යාපෘතියේ උපක්‍රමික වැදගත්කම සැලකිල්ලට ගෙන, එකතු කළ අගය මත බදු, රේගු ආනයන බදු සහ වෙනත් අදාළ අයබදු, තීරු බදු හා අයකිරීම් ගෙවීමෙන් අවශ්‍ය නිදහස් කිරීම ලබා ගැනීම පිණිස කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා දෙවන කිලෝවෝල්ට් 220ක භූගත කේබල් ව්‍යාපෘතිය 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන අනුව ‘විශේෂ ව්‍යාපෘතියක්’ ලෙස නම් කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



