කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන – රුවන් නෙළුගොල්ල

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ නගරසභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම කිසිදිනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කර නොමැති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

“මහින්ද කහඳගම කියන පුද්ගලයා කවදාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නෙවෙයි. හැබැයි අපි පහුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදීත් ඊට කලින් ඡන්ද විමසීමේදීත් අපි වමේ දේශපාලන පක්ෂ සමග සන්ධානයකට එකතු වුණා. ඒ අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මැතිතුමාගේ නව සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක් හැටියට තමයි ඔහු ඉදිරිපත් වුණේ. ඒ නව සමසමාජ පක්ෂයේ ඉල්ලීමක් මත තමයි ඒ නාමයෝජනා ලබාදීම සිදුකළේ. ඒ අනුව මහින්ද කහඳගම කියන පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් කියන කාරණය අපි දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ඔහු ගැන අහන්න ඕනෙ වාසුදේව නානායක්කාර මහත්තයාගෙන්, නැතිව අපෙන් නෙවෙයි”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) නාමල් රාජපක්ෂ මහතාගේ නඩුව විභාග වන අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...