ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ගුවන් තොටුපළවලට දැඩි ප්‍රහාර; තිදෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: යේමනයේ හූති...

චන්දන සූරියආරච්චි අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අතුරුගිරිය පොලිසිය විසින්...

හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට ඇමෙරිකාව මේ සතියේ තවත් චෝදනා ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන...

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...