කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් වරක් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ෆ්‍රේසර් ආයතනය (Fraser Institute) ඊයේ(06) නිකුත් කළ “2026 ලෝක ආර්ථික නිදහස පිළිබඳ වාර්ෂික වාර්තාව”මගින් මේ බව පෙන්වා දුන්නා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ, මෙම වාර්තාව මගින් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් ලෙස හොංකොං සතු ශක්තීන් යළිත් තහවුරු වී ඇති බවයි. එමෙන්ම හොංකොං විශේෂ පරිපාලන කලාපය තුළ විවෘත, කාර්යක්ෂම සහ සාධාරණ ව්‍යාපාරික පරිසරයක් පවතින බව ද ඔහු සඳහන් කළා.
චීනය උසස් ප්‍රමිතීන් සහිත ද්විපාර්ශ්වික විවෘතකරණ ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, තාක්ෂණික නවෝත්පාදන ක්ෂේත්‍රයේ ද කැපීපෙනෙන දියුණුවක් අත් කර ගෙන සිටිනවා. එය ගෝලීය ආර්ථිකයට ස්ථාවරත්වයක් එක් කරමින් ප්‍රධාන බලවේගයක් බවට පත්ව ඇතැයි ද ප්‍රකාශකයා පැවසුවා.
එමෙන්ම “එක් රටක් ක්‍රම දෙකක්”යන ප්‍රතිපත්තිය යටතේ හොංකොං කලාපය චීන මහා ගොඩබිමේ ශක්තිමත් සහයෝගයක් ලබන අතර, ලෝකය සමග සමීප සබඳතා පවත්වා ගෙන යන බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
දිනූෂි ධීරසිංහ


