හිටපු ඇමති බෝගොල්ලාගම රිමාන්ඩ් වෙද්දී සිරිලිය ගිණුමට අත්අඩංගුවට ගත් හිටපු බැංකු සභාපතිත් අධිකරණයට!

කොළඹ LNW:අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල නියෝග කර තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මේ අතර සිරිලිය ගිණුමේ විමර්ශනයට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ප්‍රදීප් කාරියවසම් මහතාව අද (07) පෙ.ව.9.50 ට පමණ කොළඹ 08, ලේඩ්‍රයිව්හි පිහිටි නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විර්මශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා ලෙසට බැංකුව සතුව පැවති රජයේ මුදල් නිසි ක්‍රමවේදයෙන් බැහැරව රු.10,000,000ක (රුපියල් මිලියන 10) මුදලක් සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දීම තුළින් දූෂණය නැමැති වරද සිදු කීරීමේ චෝදනාව ඔහුට එල්ල වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

වසර 22ක ලීග් ශූරතා නියඟය නිමා වෙයි:  Mikel Artetaගේ සුවිශේෂී තීන්දුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : 2019 දෙසැම්බර් මාසයේදී...