රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණයෙහි පසුගිය මාසය හා සසඳන විට සුළු පසුබෑමක් වාර්තා වී තිබේ.
ඒ අනුව, 2026 වසරේ අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක් ලෙස සටහන් වූ මෙම සංචිත අගය, සැප්තැම්බර් මාසය අවසන් වන විට 1.1%කින් පහළ ගොස් ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2026 සැප්තැම්බර් මාසය වන විට මෙරට මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,851ක් දක්වා අඩු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම සමස්ත සංචිත වත්කම් ගණනය කිරීමේදී චීන මහ බැංකුව සමඟ ඇති කරගත් දේශීය මුදල් හුවමාරු පහසුකම හරහා හිමි වූ අරමුදල් ද මීට ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.


