ඔක්තෝබර් 08, කොළඹ LNW :
කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම අද දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදු කරන ලදි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්විය.




