රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී දූෂණ විරෝධී (සංශෝධන) පනත අද දින තෙවන වර කියවීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කර ගන්නා ලදී.
මෙම පනතට අදාළ විවාදය පැවැත්වීමෙන් පසු, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඊට අවශ්‍ය විධිමත් සංශෝධන එකතු කරනු ලැබීය.
මීට පෙර ක්‍රියාත්මක වූ 2023 අංක 9 දරන පනතේ පැවති නීතිමය, අර්ථ නිරූපණයන්හි සහ තාක්ෂණික ගැටලු මෙන්ම පරිපාලනමය දුර්වලතා මඟහරවා ගැනීම මෙම නව සංශෝධනයේ ප්‍රධාන අරමුණයි.
එපමණක් නොව, සිංහල හා ඉංග්‍රීසි පාඨ අතර ඇති නොගැලපීම් විසඳීම, විමර්ශන හා නඩු පැවරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් හරහා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ද මෙයට ඇතුළත් වේ.
මෙම නව සංශෝධන මඟින් රටේ දූෂණ විරෝධී නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කරමින්, විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කිරීම සහතික කෙරේ.


