ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10:
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) ක්‍රියාකාරකම් සීමා කිරීමේ අරමුණින් එම අධිකරණ ආයතනයටම එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

2026 ඔක්තෝබර් 9 වැනිදා ප්‍රකාශයට පත් කළ මෙම පියවර මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය සමඟ සිදුකරන ගනුදෙනු සීමා කිරීමටත්, එහි මූල්‍ය හා තාක්ෂණික සම්පත් වෙත ප්‍රවේශය අඩාල කිරීමටත් ඇමරිකාව අපේක්ෂා කරයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇත්තේ, අධිකරණය සමඟ සිදුකරන ගනුදෙනු තහනම් කරමින් එහි ක්‍රියාකාරකම් සඳහා ලැබෙන සම්පත් සීමා කිරීමට පියවර ගන්නා බවයි.

මෙම් නව සම්බාධක පැනවීමට හේතු වී ඇත්තේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඇමරිකානු හමුදා හා බුද්ධි අංශ සාමාජිකයන්ට අදාළ විය හැකි ඇෆ්ගනිස්ථානයේ සිදුවීම් පිළිබඳ විමර්ශන සිදුකිරීම සහ ඊශ්‍රායල නායකයන්ට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සම්බන්ධයෙනි. ඇමරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවීමට පදනම් වූ රෝම ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් නොවන නමුත්, අධිකරණයේ සාමාජික රටවල භූමිය තුළ සිදුවූ බවට චෝදනා එල්ල වන ඇතැම් අපරාධ සම්බන්ධයෙන් එම අධිකරණයට බලය පැවතිය හැකිය.

ඇමරිකාවේ නව සම්බාධක ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයට සහ ස්වාධීන අධිකරණ පද්ධතියකට එල්ල වූ බලපෑමක් බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කර ඇති අතර නව සම්බාධක හේතුවෙන් අධිකරණය සමඟ සේවා සපයන සමාගම්වලට ද බලපෑම් එල්ල විය හැකි අතර, එහි මූල්‍ය කටයුතු සහ තාක්ෂණික සේවා පවත්වාගෙන යාම වඩාත් සංකීර්ණ විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දු-ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 'කවන්තිස්ස' ඇතුට වෙඩි තැබීමේ...

Miss Universe 2026 කිරුළ පුවර්ටෝ රිකෝවට! ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයක් සමඟ Jennifer Barreto ලෝක රූ රැජින වෙයි!

සටහන – පුලීනොවැම්බර් 25, LNW (කොළඹ): ලොව පුරා රූපලාවණ්‍ය තරගාවලි...

මාලිමාව බුලත්කොහුපිටියේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027...