සටහන – රුවන් නෙළුගොල්ල
කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා (09) සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි එහි හිමිකරුගේ බිරිඳ ද මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.
මෙම වෙඩිතැබීමේ සිද්ධියේදී අදාළ අවන්හලේ හිමිකරු එම ස්ථානයේදීම මියගොස් තිබිණි.
බරපතළ තුවාල ලබා සිටි ඔහුගේ බිරිඳ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.


