දේශපාලනයට සමුදෙන දිනයේ දෑත පිරිසිදු නම් එය ලැබිය හැකි ලොකුම ජයග්‍රහණයයි: කරු

‘කරු පායයි හිරු‘ යන සටන් පාඨයෙන් තමා දේශපාලන දිවිය ආරම්භවන මුල් කාලසීමාව තුළදී, දේශපාලනයට පිවිසීමට තමා කැමැත්තකින් නොසිටි බවත්, තමා දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආරාධනය මත බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ‘චැතම් ස්ට්‍රීට් ටීවී’ යූටියුබ් නාලිකාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ය.

එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන දිවිය ආරම්භ කළ තමා කිසිවිටක පොරකෑමේ දේශපාලනයට අවතීර්ණ වීමට උනන්දු නොවූ බව පෙන්වා දෙන හිටපු කතානායකවරයා, තමාට පැවරුනු වරදාන වරප්‍රසාද භාර ගැනීම සිදුවූයේ තමාට සිදුකළ ආරාධනය මත බවත්, ඒ සෑම අවස්ථාවකම එකී තනතුරු සඳහා පක්ෂය තුළ සුදුසුකම්ලාභී අනෙකුත් නියෝජිතයන් කවුරුන්ද යන්න තමා සොයා බැලූ බවත් පැවසීය.

කුමන හෝ තනතුරක් භාරගැනීම හෝ එවන් තනතුරකට තරඟ වැදීම සඳහා ඉදිරිපත් වීම සාමූහික එකඟතාවයකට අනුකූලව සිදුවන්නේ නම් මිසක කිසිවිටක තනතුරක් භාරගැනීමට තමා යුහුසුළු නොවූ බව ද හෙතෙම අවධාරණය කළේය.

තමා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නේ නම්, පිරිසිදු දේශපාලනයේ නිරත වීම අපහසු කාර්යයක් නොවන බව ද කරූ ජයසූරිය මහතා ‘චැතම් ස්ට්‍රීට් ටීවී’ යූටියුබ් නාලිකාව වෙත වැඩිදුරටත් පැවසීය.

දේශපාලනයට අවතීර්ණ වන සෑම තරුණ තරුණියකටම, ඔවුන් යම් දිනක දේශපාලනයෙන් ඉවත්වන්නේ ද එදිනට කිලිටි නොවන අපිරිසිදු නොවන ලේ නොතැවරුන පුද්ගලයකු ලෙස දේශපාලනයට සමුදිය හැකි නම්, ප්‍රතිපත්තිගරුක පුද්ගලයකු ලෙස කටයුතු කළේ නම්, සමාජ විරෝධී කටයුතුවල නියැලීමෙන් වැළකී සිටියේ නම්, තමා කුමන පදවිය දැරූවද දේශපාලනයේ ලබා ගත හැකි ඉහළම ජයග්‍රහණය එය බව ද හිටපු කතානායකවරයා අවධාරණය කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...