මල්ෂා මැලේසියාව දඟ කවයි

Date:

දකුණතින් පිට දඟ පන්දු යවන්නී මල්ෂා ෂෙහානි ලකුණු 2 ට කඩුලු 4ක් දවා ගනිමින් මැලේසියානු ඉණිම ලකුණු 33 ට සීමා කර,ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 72 ක ජයක් ලබා දෙන්නට පෙරමුණ ගත්තාය.අටවන,නවවන සහ දහවන කඩුලු එකම ඕවරයක පන්දු පහක් තුළ දවා ගත් ඇයට කඩුලු ත්‍රිත්වයක අවස්ථාවක් අවාසනාවන්ත ලෙස ගිලිහිණි.මෙය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක විසින් ජාත්‍යන්තර 20/20 තරගයක කරන ලද හොඳම පන්දු යැවීම ලෙස සැළකේ.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි පිතිකරණයේ පෙන්වන දුබලතා ප්‍රදර්ශනය කරමින් පන්දු ඕවර් 20 තුළ කඩුලු හතක් දැවී ලබා ගත්තේ ලකුණු 105 ක් පමණි .මෙම තරගයේදී යම් සාර්ථකත්වයක් පෙන් වූ නායිකා චමරි අතපත්තු ලකුණු 21 ට සිව්වන කඩුල්ල ලෙස දැවී යද්දි ලකුණු පූවරුව 46 විය.ලකුණු 14 ට කඩුලු 3 ක් දැවී තිබුණ ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් ඇය,නිලක්ෂි ද සිල්වා (21) සමඟ එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 32 ක් එකතු කරන්නට සමත් විය.

නමුත් 15 වන ඕවරය වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 61 ක් විය.නමුත් අත්දැකීම් සපිරි ඹ්ෂධී රණසිංහ ලකුණු පූවරුව හත්වන කඩුල්ල වෙනුවෙන් මල්ෂා ෂෙහානි (14) සමඟ ලකුණු 26 ක සබඳතාවයක් පවත්වමින් ද,සුගන්ධි කුමාරි සමඟ අටවන කඩුල්ලට නොදැවුණු ලකුණු 18 සබඳතාවයක් පවත්වමින් ද ශ්‍රී ලංකාව ලකුණු 105 ක් දක්වා ගෙන ගියා ය.ඕෂධි පන්දු 18 දී නොදැවී ලකුණු 23 ක් ලැබුවාය.

පිළිතුරු ඉණිමට පිවිසි මැලේසියාවට ආසියාවේ හොඳම පන්දු යැවීමේ බල ඇණිය කිව හැකි මට්ටමේ පන්දු යවන්නියන් සිටි ශ්‍රී ලංකාවට මුහුණ දීම පහසු නොවීය.නමුත් එල්ෂා හන්ටර් යම් බලපෑමක් එල්ල කළ හැකි මට්ටමට කඩුල්ල රැක ගනිමින් සිටියදී,මල්ෂා ගේ පැමිණීම සිදු විය.මල්ෂා ලකුණු 18 ක් ලබා සිටි එල්ෂාව දවා ගත්තේ ලකුණු පූවරුව 33 ක් ව තිබියදීය.

එතැන් සිට මැලේසියානු ඉණිමට ලකුණු එකතුවීමක් සිඳු නොවුණු අතර,සිඳු වූයේ කඩුලු අහිමි වීම පමණි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...