නයිට් ලයිෆ් වෙනුවෙන් නීති වෙනස් කිරීමට ඩයනා සැරසෙයි (VIDEO)

Date:

රටේ පවතින ඇතැම් නීති රීති මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා බාධාවක් වී ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“මහ විශාල දේවල් නෙවෙයි, මම මේ කියන නයිට් ලයිෆ් එක. මේක පාරාදීසයක් නම් පැය 24ම ලංකාවේ තියෙන්න ඕනෙ මිනිස්සුන්ට කන්න, බොන්න, යන්න, එන්න, සංගීත සංදර්ශන, සංස්කෘතික සංදර්ශන, පාරේ නිදහසේ ඇවිදින්න, මේ ඔක්කොම මේ රටේ තියෙන්න ඕනෙ. අඩුම ගාණෙ මේ සංචාරක කලාප තුළවත් එහෙම වෙන්න ඕනෙ. අපේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා නඩු තීන්දුවක්, රෑ 12න් පස්සේ ශබ්ද විකාශන අයින් කරලා නවත්තන්න ඕනෙ කියලා. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අපේ ගරු අධිකරණ ඇමතිතුමාත් එක්ක, ගරු නීතිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒක අයින් කරගන්න. මම ඒක කරනවා මේ මාසය ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කරලා. මොකද ඒවා කරගත්තේ නැත්නම් මේක කරන්න බෑ. ඒ ආයෝජකයෝ එන්නෙ නෑ, මොකද අපි හරි චණ්ඩි හින්දා මේ රටේ. ඉතින් ඒ ආයෝජකයෝ හැරිලා යනවා යන්න. මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනෙ, මේක තමයි වෙලාව. අපට පුළුවන් ඕනෙ දෙයක් කරන්න, බැරි දෙයක් නෑ”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (08) වැලිගම ප්‍රදේශයේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ...