මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්ය නිලධාරියෙකු විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව ආරංචිමාර්ග පවසයි.
ඉදිරියේදී තමන්ට සහ තම පවුලට එල්ල වියහැකි ජීවිත තර්ජන පිළිබඳ සඳහන් කරමින් ඔහු යුරෝපයේ ප්රධාන රටකින් දේශපාලන රැකවරණ ඉල්ලමින් අයදුම්පත්රයක් ගොනුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙසේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇත්තේ මේ දිනවල නිතරම කතාබහට ලක්වන රාජ්ය ආයතනයක ප්රධානියකු විසින් බවත් වාර්තා විය.
ඒ අනුව ඔහුට ඕනෑම මොහොතක අදාළ රටට සිය පවුල සමග ඇතුළු වියහැකි වන පරිදි වසර පහකට වලංගු වීසා බලපත්රයක් ද ලැබීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.


