හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සහ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවයි.

පසුගිය 25 වැනිදා මෙම මරණය සිදුව තිබුණි.

එමෙන්ම, මියගිය සැකකරු සමග 2026 ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බැවින් අධිකරණයෙන් ලබාගත් නියෝග මත ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීන් ඊයේ (29) බන්ධනාගාරයට ගොස් තිබේ.

මේ අතර, ඔක්තෝබර් 28 වැනිදා අත්අඩංගුවට ගත් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (29) වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මියගිය සැකකරු ඔක්තෝබර් 24 වැනිදා රිය අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට පස්වරු 1.05ට ඇතුළත් කර තිබේ.

අනතුරුව එදිනම පස්වරු 5.55ට ඔහු අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු ඊයේ කිරිවත්තුඩුවේදී සිදුවිය.

හෝමාගම පොලීසියේ අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙක් මියයාමේ සිද්ධිය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඊයේ (29) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කරන ලදී.

මියගිය පුද්ගලයාගේ ඉලඇට තුනක් කැඩී ඇති බවත්, මොළයේ රුධිර වහනයක් සිදුව ඇති බවත් අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන අතර මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරු අනුව ඔහුගේ හිසට ද තුවාල සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

අදාළ පුද්ගලයා සිරමැදිරියට ගෙන ඒමට පෙර යම් කාලයක් පොලිස් අපරාධ අංශයේ රඳවාගෙන සිට ඇති අතර එම කාලසීමාව තුළදී ඔහුට පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා තිබුණි.

කෙසේ වෙතත්, එම පහරදීම පිළිබඳ තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...