සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්ය සර්ජි ලැව්රොව්ගේ සහභාගීත්වයට යුරෝපා රටවල නියෝජිතයන් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් G20 විදේශ අමාත්යවරුන්ගේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
ඇමෙරිකාවේ ඇට්ලන්ටා නගරයේ පැවැත්වෙන G20 විදේශ අමාත්යවරුන්ගේ හමුව ආරම්භයේදී මෙම ඡායාරූපය ගැනීමට සැලසුම් කර තිබුණද, රුසියානු විදේශ අමාත්යවරයා සමඟ එකම ඡායාරූපයකට පෙනී සිටීම ජර්මනිය බ්රිතාන්යය, පෝලන්තය, ඕස්ට්රේලියාව, කැනඩාව සහ යුරෝපා සංගමයේ (EU) රටවල් ද රුසියානු නියෝජිතයා සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට විරෝධය පළ කර තිබේ.
ඒ අනුව, ඇමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් ඇතිවිය හැකි රාජ්ය තාන්ත්රික අර්බුදය වළක්වා ගැනීම සඳහා ඡායාරූපය අවලංගු කිරීමට තීරණය කර තිබේ.
ජර්මානු විදේශ අමාත්ය ජොහාන් වඩෙෆුල් ප්රකාශ කර ඇත්තේ රුසියාව සමඟ සාමාන්ය රාජ්ය තාන්ත්රික සබඳතාවක් පවතින බවට වැරදි පණිවිඩයක් ලබාදිය නොහැකි බවයි.
එමෙන්ම, පෝලන්ත විදේශ අමාත්ය රඩොස්ලෝ සිකෝර්ස්කි ද මෙම තීරණය නිවැරදි බව ප්රකාශ කර ඇති අතර, රුසියානු අමාත්යවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට තමන් ද අකමැති බව සඳහන් කර තිබේ.
2022 වසරේ රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමෙන් පසු රුසියාවට එරෙහිව බටහිර රටවල් පනවා ඇති සම්බාධක සහ දෙරට අතර පවතින යුදමය තත්ත්වය මෙම විරෝධතාවට ප්රධාන පසුබිම වී ඇත.
මෙම සිදුවීමත් සමඟ G20 රටවල් අතර පවතින දේශපාලන හා රාජ්ය තාන්ත්රික මතභේද නැවතත් ජාත්යන්තර අවධානයට ලක්ව තිබේ. සමුළුවේදී යුක්රේන යුද්ධය, ඉරානය සම්බන්ධ අර්බුද සහ ගෝලීය ආර්ථික අභියෝග ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

