*
Friday, September 27, 2024
spot_img

Latest Posts

චමරි ඔයාට පුළුවන්

මේ මොහොතේ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් සිටින්නේ ජාත්‍යන්තර තරගාවලි දෙකකය.ඒ අතරින් පිරිමි කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලිය අරඹමින් ඊයේ පුහුණු තරගයකට එක් විය.එය සිම්පාප්වේ කණ්ඩායම සමඟය.එම තරගය සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම වැදගත් කොට සිතූ බව පැහැදිළිය.නමුත් සිම්බාබ්වේ කණ්ඩායම එහිදී කළ නොසළකා හැරීම් යම් විදිහක හැල්ලු කිරීම් වූවානම් එයට පිළිතුරු පසුවට ලැබෙනු ඇත.තරගය ශ්‍රී ලංකාව ලකුණු 33 න් ජය ගත්තේය.

මේ වන විටත් අවසාන පූර්ව තරගයේ සිටින කාන්තා ක්‍රිකට් කන්ඩායම ආසියානු කුසලානය ගන්න යන ගමනේ පළමු වටයේ අවසානයට සහභාගි වූ තරගය ඊයේ නිමා කළේ කඩුලු පහක පරාජයකින්ය.එය ජයගත යුතුව සහ හැකිව තිබූ තරගයක්ය.අප මෙම තරගාවලිය පුරා චමරි අතපත්තුගේ භූමිකාව යම් ආකාරයකින් පිතිකරණ ලැයිස්තුවේ පහතින් රඳවන්නට යෝජනා කරන්නේ ද,එහි ජයග්‍රහණයට අවශ්‍යය ශක්තිය සැඟව තිබෙන බව දකින් නිසාය.

චමරි වැනි ක්‍රීඩිකාවන් රටකට දුලබය.ඇය අද කාන්තා ක්‍රිකට් ලෝකයේ වෙනම අනන්‍යතාවයක් සහිත ලෝකයේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමක් තම කණ්ඩායමට සිටිනවානම් අවිවාදයෙන් කැමති ක්‍රීඩිකාවක්ය.විදුලි සැර ඇයගේ ප්‍රහාරයන්ට නොසැලෙන පන්දු යවන්නියක් සොයා ගැනීමට අපහසුය.ආසියානු තරගාවලියේ ඇය මේ දක්වා සුපුරුදු ප්‍රහාරාත්මක රිද්මයට පැමිණ නැත.
කෙසේ වුවත් අපට කාලයක් චමරි හරහා ජයගැනීම යන්න කා වැදී ඇත.එවැනි අවස්ථාවක චමරි කඩුල්ලේ තරගයක් නිමා කරන්නට හෝ ඉණිමක් අවසාන කරන්නට සිටීම වැදගත්ය.එසේම පිතිකාරිණියන් හැටියට හර්ෂිතා සමරවික්‍රම,නිලක්ෂි ද සිල්වා,හසිනි පෙරේරා වැන්නියන් දක්ෂතා අතරට ආව ද ඒ කිසිවෙක් සම්බන්ධයෙන් චමරි සම්බන්ධයෙන් වන බලාපොරොත්තුව සහ විශ්වාසය නැති බව ඇත්තක්ය.එවැනි තත්ත්වයක චමරි ආරම්භක පිතිකාරිණිය හැටියට අසාර්ථක වීම යනු ප්‍රබල පීඩනයකට පසුපෙළ ගොදුරු කර ගැනීමක්ය.
පකිස්තානය සමඟ වූ තරගයේදී චමරිගේ නිහඬව සිටිය පිත්ත කතාව ආරම්භ කළේ පන්දු 26 න් පැමිණි ප්‍රවේගකාරී ලකුණු 41 න් ය.නමුත් ඇය හරියටම හත්වන ඕවරය නිමා වන පන්දුවේදී ක්‍රීඩාගාරයට පියමං කළාය.ඇය දෙවන කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 58 විය.ඕවරයකට දළ වේගය ලකුණු 8 ඉක්මවා තිබිණ.කණ්ඩායම සිටින්නේ හොඳ ස්ථාවරයකය.විචාරකයන් පැවසූ ආකාරයෙන් ගත්තත් ලකුණු 130 ඉක්මවා යාමට ශ්‍රී ලංකාවට අපහසු නැත.නමුත් සිඳු වූයේ කුමක්ද?

මුළු ලකුණු 112 ක් ව තිබියදී ශ්‍රී ලංකා ඉණිම නිමා වීමය.ඒ පන්දු ඕවර් 18.5 දී ය.ලකුණු 100 පවා ලබා ගැනීමට නොහැකි මට්ටමකට ශ්‍රී ලංකා කණ්ඩායම පත් වුවත්,අවසාන මොහොතේ ඕෂධි රණසිංහ එකතු කළ අපූරු ලකුණු 26 හේතුවෙන් 112 දක්වා යන්නට හැකි විය.චමරි පන්දු ඕවර් 13 ක් ඉතිරිව තිබියදී ක්‍රීඩාගාරයට නොගියේනම් ලකුණු පූවරුව කිනම් ලකුණු ගණනක නවතීද යන්න සිතා ගැනීම අපහසු නැත.ඇය ක්‍රීඩා කළ අවස්ථාව කෙතරම් වැදගත් ද යන්න තෝරා ගන්නටනම් පළමු කඩුල්ලට ලකුණු 24 ක් එක් විය.හර්ෂිතා එක ලකුණක් පමණක් ලැබුව ද චමරිට අවශ්‍යය අවස්ථාව දෙමින් පන්දු 6 ක් රැදී සිටියේය.දෙවන කඩුල්ලට හොද ඉණිමක් ක්‍රීඩා කර හසිනි සමඟ සම්බන්ධතාවය 32 ක් විය.වඩා හොඳින් තේරුම්ගත යුත්තේ එය නොවේද?චමරි මදක් පසුපසට වන්නේනම් තරගයේ අවසාන භාගය හැසිරවීම සහ ජයග්‍රහණයට පිවිසීම අපහසු නොවනු ඇති බව මේ තරගාවලිය පුරාම අපේ විශ්වාසය ය.එය ජයග්‍රහණය කළ හැකි තරගාවලියක් බවත්,ඒ සඳහා චමරි අතපත්තු හරියටම ක්‍රියාත්මකවීම ප්‍රධානම සාධකය බවත් අපි විශ්වාස කරන්නෙමු.

එසේම කඩුලු අතර දිවීමේ දුර්වලතාවය ශ්‍රී ලංකා කණ්ඩායමේ තදින්ම දැකිය හැකිය.කෙටි ලකුණුවලට දක්වන හීන උනන්දුව නොවන්නට පකිස්තාන් තරගයේදී සියල්ල දැවී නොයන්නට මෙන්ම තව ලකුණු 10 ට වැඩි ප්‍රමාණයක්වත් එකතු වෙන්නට තිබිණ.එවැනි ලකුණු ප්‍රමාණයක් ආවේනම් පකිස්තානය තරගය පරාජය වන්නට ද තිබිණ.ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 112 න් ලකුණු 60 ක් ම හතරේ පහරවල්වලින් ලැබුණ ඒවාය.ඒ සඳහා වැය වූ පන්දු ගණන 15 කි.තරගයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පන්දු ප්‍රමාණය නිපන්දු සහ වයිඩ් පන්දු ද එකතු වූ විට 117 කි.112 ක් වූ මුළු ලකුණු ප්‍රමාණයෙන් 60 ක් අඩු වූ විට ඉතුරු 52 ලබා ගැනීම සඳහා ඔවුන් පන්දු 102 ක් වැය කර තිබේ.මෙම නිලකුණු පන්දු ප්‍රමාණයෙන් පන්දු 20 දී ස්ථානගත කිරිම් හරහා එක ලකුණ බැඟින් ලබා ගත්තේනම් ප්‍රතිපලය වෙනස් වන්නට එය හොඳටම ප්‍රමාණවත්වය.

පකිස්තාන ඉණිමේ ලකුණු 113 සැළසුම් වූ ආකාරය සැළකිල්ලට ගැනීම අතිශයිනම වැදගත්ය.අවසාන මොහොතේදී අයේශා නසීම් ලැබූ හයේ පහර දෙක ඇරෙන්නට ඔවුන් එල්ල කර තිබුණේ හතරේ පහර නවයක් පමණි.ඔවුන්ගේ ආයුධය වූ කල්පනාකාරි සහ වේගය සුරැඳි කඩුලු අතර දිවීම් ය.විශේෂයෙන්ම ලකුනු 51 ට කඩුලු 4 ක් දැවුණ පසු පකිස්තානයේ නිඩා දාර් සහ අලියා රියාස් කෙටි ලකුණු පදනම් කරගෙන ඉණිම ගොඩ නැඟුව හැටි අපූරුය.විශේෂයෙන්ම නිඩා දාර් පන්දු 28 න් එක හතරේ පහරක් සහිතව පකිස්තානු ඉණිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලැබූ ලකුණු 26 පකිස්තානු ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය විය.

එසේම අවසාන මොහොතේ පීඩනයට ගොදුරු වූ පකිස්තානයට එරෙහිව චමරි අතපත්තු යවන ලද පන්දු ඕවරයේදී ලැබූ ලකුණු 12 පකිස්තානයට නොයා යුතුව තිබූ ලකුණු ප්‍රමාණයකි.එයින් කියවෙන්නේ චමරි ඒ මොහොතේ පන්දු නොයැවිය යුතුව තිබූ බවය.එසේම ඉනෝකා රණවීර අතින් ගිලි හී ගිය උඩ පන්දුවද තරගය වෙනස් වීමට තිබූ අවස්ථාවකි.පකිස්තානයට දැඩි පීඩනයක්ව තිබූ ඉනෝකාගේ පන්දු හමුවේ ඒ මොහොතේ අලියා රියාස් දැවී ගියේ නම් ඉතිරි පන්දු කිහිපයේදී අයේෂා නසීම් ට ද පහසු වන්නේ නැති බව පැහැදිළිය.එසේම අචිනි කෞශල්‍යාට අපහසුවෙන් පන්දුවට පහර දුන් නිඩා දාර් කඩුල්ලේ සිටියදී ඕෂධී 19 වන ඕවරයට කැඳවන්නේ නැතිව අචිනි කැඳවා,ඉනෝකා තරමටම මෙම තරගයේදි පකිස්තානය පීඩාවට පත් කළ කවීශා ගයත්‍රී පන්දු යැවීමට රඳවා ගත්තේනම් තරගය වෙනස් විමේ ඉඩක් තිබෙන්නට තිබිණ.

නමුත් තරගයක ජයග්‍රහණය සඳහා අවශ්‍යය පසුබිම පිටිය මැද සිට කියවීම සහ අප පිටත සිට කියවීම අතර වෙනසක් තිබෙන බව අපි දනිමු.එහෙත් පිටත සිට කියවන සමහර දේවල් ඇතුළේ සිට කියවිමට අපහසු බව ද ඇත්තක්ය.ඒ නිසා අවසාන පූර්ව තරගය මෙන්ම අවසාන තරගය ද ශ්‍රී ලංකාවට දිනා දීමට චමරි අතපත්තු ට ඇති අති විශාල අවස්ථාව හරිම විදිහට ප්‍රයෝජනයට ගන්නට අපි චමරිට මෙන්ම කණ්ඩායම් පුහුණුකරු හෂාන් ට ද යෝජනා කරන්නෙමු!
විශේෂයෙන්ම අවසාන පූර්ව තරගයට පෙර ශ්‍රී ලංකා පිතිකාරිණියන් පකිස්තාන ජයග්‍රහණයේ වීරවරිය ලෙස කිරුළු පැළදූ ඔමෙයිමා සොහෝල්ට ලකුණු 13 ට කඩුලු 5 ක් පූජා කළේ ඇයිද යන්න සහ කෙසේද යන්න පිළිබඳව හොඳින් අධ්‍යයනයක යෙදීමද වැදගත්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan