ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති ගමනාන්තයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට සිදුවනු ඇති නමුත් ඒ කිසිවක් රටේ ජනතාවට එරෙහිව භාවිතා නොවනු ඇතැයි තමන්ට විශ්වාස බව පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා පවසයි.
“වසර දෙකක භාවිතාව ඇතුළේ අපි අපේ රටේ ජනතාව මර්දනය කරන කිසිදු තීන්දු, තීරණ, ක්රියාමාර්ගවලට අපි එළඹිලා නෑ. මේක ඇතුළේ තියෙන්නෙ ඇත්තටම රටක් විදියට අපට යන්න දුරක් තියෙනවා, ගමනක් තියෙනවා අපි තීන්දු කරපු. අපට බලය දුන්න ජනතාව දීපු ගමනාන්තයක් තියෙනවා. ඒ ගමනාන්තයට යන සිහිනයක් තියෙනවා. ඒ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි. හැබැයි ඒ කිසිදෙයක් අපේ රටේ ජනතාවට එරෙහිව පාවිච්චි වෙන්නෙ නෑ කියන විශ්වාසය දැඩිව ආණ්ඩුවක් ලෙස අපට තියෙනවා”
දේවානන්ද සුරවීර මන්ත්රීවරයා මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.


